කොළඹ දිස්ත්‍රික්කය තුළින් හඳුනාගත් දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පළමුවරට 500 ඉක්මවා තිබේ.
ඊයේ (15) දිනයේ මෙරටින් නව ආසාදිතයින් 704 දෙනෙකු හඳුනාගත් අතර විදෙස් රටවල සිට මෙරටට පැමිණි තිදෙනෙකු ද ඒ අතර වන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.
ඊයේ දිනය තුළ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවවන ආසාදිතයින් 541 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති අතර සෙසු ආසාදිතයින් ගම්පහ, ගාල්ල ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් වාර්තා වී තිබේ.
මේ වනවිට මිනුවන්ගොඩ, පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 13,780කි.
කෙසේවෙතත් ඉන් 8070 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය.
ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොවිඩ් -19 ආසාදිත රෝගීන්ගේ මරණ සංඛ්‍යාව 58ක් වන අතර ආසාදිතයින් 17,287 දෙනෙකු මෙරටින් මේ වන විට වාර්තා වී ඇති අතර සමස්ථ ආසාදිතයින්ගෙන් 11,495 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.