අනිද්දා පෙරවරු 9.00 සිට පසුදින අලුයම 3.00 දක්වා පැය 18 ක කාලයක් කොළඹ 2, 3, 7, 8, 9 සහ කොළඹ 10 යන ප්‍රදේශ සදහා ජල සැපයුම අත්හිටුවයි.
මීට අමතරව කොළඹ 1 ප්‍රදේශය සදහා අඩු පීඩන තත්ත්වයක් යටතේ එම කාලයේ දී ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් පැවසී ය.
ඒ අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට මාලිගාකන්ද දක්වා ජලය සැපයෙන ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙනි.