උණුසුම් පුවත්දේශීය

ගම්පහ දී සිඳුකළ PCR පරීක්ෂණ වලින් කිසිවෙකුටත් කොරෝනා නෑ

කන්දකාඩුහි රියදුරෙකු ලෙස සේවය කළ ගම්පහ බණ්ඩාරවත්තේ පදිංචි පුද්ගලයෙකු පසුගියදා කොවිඩ් -19 ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමෙන් පසු ඔහුගේ මස්සිනා වූ ගුරුවරයෙකුටද වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබුණි.

ඒ අනුව එම ගුරුවරයා සේවය කරන ගම්පහ ප්‍රදේශයේ පාසලක වෙනත් ගුරුවරුන්, සිසුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් 50 දෙනෙකුගේ සහ ගුරුවරයා පැවැත්වූ උපකාරක පංතිවල සිසුන් 100 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබේ.

ඒවායේ ප්‍රතිඵල මේ වනවිට ලැබී ඇති බවත් ඒ අනුව ඔවුන් 150 දෙනාටම වෛරසය ආසාදනය වී නැතැයි තහවුරු වූ බව ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සුභාෂ් සුබසිංහ මහතා පැවසීය.

මේ අතර පූර්ණ සුවය ලැබූ ගණන 2048 දක්වා අද ඉහළ ගියේ ගතවූ පැය 24 තුළ තවත් ආසාදිතයින් 7 දෙනෙකු සුවය ලැබීමත් සමගය.

මෙරට විශාලතම කොවිඩ් පොකුර ලෙස දින 90ක් පුරා ව්‍යාප්තව තිබූ වැලිසර නාවික හමුදා කොවිඩ් නියැඳීයේ සියලු ආසාදිතයන් සුවය ලබා ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය තහවුරු කළේය.

නාවික හමුදාව සඳහන් කළේ, කොවිඩ් ආසාදිතව ඉරණවිල රෝහලේ සිටි අවසන් නාවික හමුදා සාමාජිකයින් තිදෙනාත් ඊයේ (20) සුවය ලබා පිටව ගිය බවත් ඔවුන් දින 14 ක ස්වයං නිරෝධායනයටද යොමු කළ බවත් ය.

Comment here