උණුසුම් පුවත්ගොසිප්දේශීය

ප්‍රවීන රංගන ශිල්පී ජයලාල් රෝහණ අභාවප්‍රාප්ත වෙයි

ජයලාල් රෝහණ

ප්‍රවීන රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් සිට ඇති බව රාගම රෝහලේ අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කර සිටියේ.

වසර ගණනාවක් මෙරට වේදිකා, ටෙලි නාට්‍යය මෙන්ම රිදී තිරයේ ජනප්‍රිය චරිත රැසකට පණ පෙවූ ජයලාල් රෝහණ මහතා වෘත්තියෙන් ගුරුවරයෙකු වනවා.

ප්‍රවීන වේදිකා නාට්‍ය ගුරුවරයෙකු වන ගුණසේන ගලප්පත්ති විසින් සිය මුහුදු පුත්තු වේදිකා නාට්‍ය හරහා කලාවට ජයලාල් රෝහණ අත්පොත් තැබීමට තරම් ඔහු වාසනාවන්ත විය. “ලොකා” නම් නාට්‍යය වෙනුවෙන් හොදම තිර රචනය සහ හොඳම නළුවා හැර 1987 වර්ෂයේ යෞවන නාට්‍යය සම්මාන සියල්ලම සෙසු අංශ සියල්ලෙහි සම්මාන දිනා ගැනීමට ඔහු සමත්විය.