උණුසුම් පුවත්දේශීය

ජින්තුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයා පිළිබඳ විස්තර

ජින්තුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වූ කොවිඩ් 19 ආසාදිතයා පිළිබඳ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත්කර ඇත.

ඔහු ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනය සඳහා යොමුකර සිටි ශ්‍රී ලාංකික මුහුදු ආරක්ෂකයෙකු බවයි.

ඔහු ඉන්දියාවේ සිට පැමිණීමෙන් අනතුරුව දින 14 ක අනිවාර්ය නිරෝධායනයට යොමුකර ඇතිබවත් එහිදී සිදුකළ PCR පරීක්ෂණයේදී ඔහු කොරෝනා අසාදිතයෙකු නොවන බවට තහවුරු වීමත් සමඟ කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේ ඔහුගේ නිවසට යවා ඇත්තේ දින 14 ක නිවාස නිරෝධායනයට යටත්වයි.

එම කාළය තුළදී සිදුකෙරෙන PCR පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ ඔහු කොරෝනා ආසාදිතයෙකු බවයි.

එම ආසාදිතයා මේ වනවිට ප්‍රතිකාර සඳහා IDH රෝහල වෙත යොමුකර තිබෙනවා.

ඒ අනුව මෙම රෝගියා සමාජ තුළින් හඳුනාගත් රෝගියෙකු නොවන බවත් නිරෝධායන ක්‍රියාවලිය තුළින් හඳුනාගත් අයෙකු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කළා.

මෙම තත්ත්වය යටතේ එම ප්‍රදේශයේ නිවාස 29 ක සිටි 150කට ආසන්න පිරිසක් නිරෝධායන ක්‍රියාවලියට යොමුකර ඇති බවයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිළධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා ප්‍රකාශ කළා.

Comment here