අසිරිමත් නත්තල ඊයේ (24) මධ්‍යම රාත්‍රීයෙන් උදා විය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන අසිරිමත් නත්තල ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් උත්සවශ්‍රීයෙන් සමරයි.
මෙවර ලොව පුරා පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් එය එලෙස සැමරීමට නොහැකි වී තිබේ. මෙරට ප්‍රධාන නත්තල් දේවමෙහෙය කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් තුමන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ රාත්‍රී 11.45 ට කඳාන ශාන්ත සෙබස්තියන් දෙව් මැදුරේදී පැවැත් වුණි.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ප්‍රධාන නත්තල් දේවමෙහෙය ඊයේ මධ්‍යම රාත්‍රීයේ වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේදී පවත්වා තිබේ.