පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිතව සිටි රෝගීන් 728 දෙනෙකු රෝහල්වලින් පිටව යාමත් සමග මෙරට සමස්ත ආසාදිතයින්ගෙන් සුවය ලැබූ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව අද 19,000 සීමාව ඉක්මවා ගියේය.
ඒ අනුව සුවය ලැබු සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 19,032ක් බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.
මින් වැඩිම ආසාදිතයින් පිරිසක් කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති අතර එම සංඛ්‍යාව 155ක් වේ.
මීට අමතරව පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් 137 දෙනෙකු, ගල්ලෑල් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් 63 දෙනෙක්, කහවත්ත ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් 55 දෙනෙක්, බිංගිරිය ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් 30 දෙනෙකු පිටව ගොස් තිබේ.
මීට අමතරව කළුතර පොලිස් පුහුණු පාසලේ ස්ථාපිත කර ඇති ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගිය ආසාදිතයින් සංඛ්‍යාව 25ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.