අද (09) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 542ක් පූර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 21,800ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
අද වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 29,378ක් වන අතර මේ වන විට ආසාදිතයින් 7,436ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
ඊයේ (08) දිනයේ දී වාර්තා වු ආසාදිතයින් 798 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ 526ක් ලෙසය.
ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 97ක් හා කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53 දෙනෙක් වාර්තා වු බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.
විදෙස්ගතව සිට මෙරටට පැමිණි එක් ලාංකිකයෙක් ද ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබේ.