උණුසුම් පුවත්දේශීය

තවත් කොවිඩ් මරණ 3ක්

මරණ

ඊයේ (06) දින තවත් කොවිඩ් රෝගීන් තිදෙනෙක් මියගොස් ඇතිබව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 140කි.

එසේ මියගොස් ඇත්තේ පිරිමි පුද්ගලයින් තිදෙනෙකි. ඔවුන් කෝට්ටේ (98 හැවිරිදි), කහතුඩුව (80 හැවිරිදි) සහ මග්ගොන (71 හැවිරිදි) පදිංචිව සිටි පුද්ගලයින් ය.