උණුසුම් පුවත්දේශීය

දිවුලපිටිය කොවිඩ් ආසාදිත කාන්තාවගේ දරුවෙකුටත් කොවිඩ්

ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයේ කොවිඩ්-19 ආසාදිත කාන්තාවගේ දියණියට ද කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

අදාළ කන්තාවගේ පවුලේ සාමාජිකයින් 6 දෙනෙකු අද අලුයම හබරාදූව නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර ඇත.

පසුව අද පෙරවරුවේ මෙම පවුලේ සාමාජිකයින්ගේ PCR පරීක්ෂණය සිදුකර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ ඇයගේ දියණියට වෛරසය ආසාදනය වී ඇති බවය.

මෙ වන විට දියණිය ද IDH රෝහලට යොමුකර ඇති බව බලධාරීන් පවසයි.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචි අයෙක් යම් උණ රෝගයකින් පෙළෙන්නේ නම් වහාම ලඟම පිහිටි රෝහල වෙත ගොස් PCR  පරික්ෂණයකට යොමු වන ලෙස වැඩ බලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් මහතා දැනුම් දී ඇත.

Comment here