උණුසුම් පුවත්දේශීය

දිස්ත්‍රිත්ත 10 කට නායයාම් අවදානම් නිවේදන

ගාල්ල, මාතර, මාතලේ, රත්නපුර, කලුතර, කෑගල්ල, කොළඹ සහ මහනුවර

ගාල්ල, මාතර, මාතලේ, රත්නපුර, කලුතර, කෑගල්ල, කොළඹ සහ මහනුවර යන දිස්ත්‍රික්ක සදහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.

පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 100 ඉක්මවා ඇති ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, රත්නපුර, ඇලපාත, නිවිතිගල, කලවාන සහ කිරිඇල්ල කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවල සහ මාවතගම, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, වරකාපොළ, රඹුක්කන, ගලිගමුව, කැගල්ල, නුවරඑලිය දිස්ත්‍රික්කයේ අඹංගගකෝරළය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල නායයාම් අවධානම් කලාප වල ජීවත් වන ජනතාව තවදුරටත් වර්ෂාව ලැබේ නම් ආරක්ෂත ස්ථාන කරා ඉවත් වීමට සුදානම් වෙන ලෙස නායයාම් අවදානම් නිවේදන නිකුත් කර ඇත.

එසේම පසුගිය පැය විසි හතර තුළ වර්ෂාපතනය මිලිමීටර් 75 ඉක්මවු  ප්‍රදේශවල ජනතාව නායයාම්, කණ්ඩි කඩාවැටීම්, ගල් පෙරලීම් වැනි ආපදා සිදුවිය හැකි බැවින් අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අනතුරු අගවා ඇත.

තවත් : NBRO

Comment here