උණුසුම් පුවත්දේශීය

දුම්රියෙන් උසස් පෙළ විභාගය යන සිසුන්ට දැනුම්දීමක්

පවතින කොවිඩ් නයින්ටීන් ව්‍යාප්ති තත්ත්වය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ස්ථාන කිහිපයක දුම්රිය නොනවත්වා ධාවනය කිරීම සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී වී.එස්.පොල්වත්තගේ මහතා පවසයි.

ඒ අනුව මරදාන සහ දෙමටගොඩ දුම්රිය ස්ථානවල දුම්රිය නැවැත්වීමක් සිදුනොවන බව ඔහු සඳහන් කළේය.

ඊට අමතරව මුහුදු බඩ මාර්ගයේ කටුකුරුන්ද සහ බෙන්තොට අතර දුම්රිය ස්ථානවලද දුම්රිය නැවැත්වීමක් සිදුනොවන බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පැවසීය.

මේ අතර උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින සිසුන් වෙනුවෙන් ක්‍රියාත්මක විශේෂ දුම්රිය සේවාවන් තවදුරටත් ක්‍රියාත්මක බවත් පොල්වත්තගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.