උණුසුම් පුවත්දේශීය

නාගොඩ රෝහලෙන් පැන ගිය කාන්තාව සොයා ගැනේ

නාගොඩ රෝහලෙන් පැන ගිය කාන්තාව සොයා ගැනේ

නිරෝධායනය වෙමින් සිටියදී කළුතර, නාගොඩ රෝහලෙන් පලා ගිය කාන්තාව කෑගල්ල ප්‍රදේශයේ දී සෞඛ්‍ය අංශ භාරයට ගෙන තිබේ.

ඔස්ට්‍රේලියාවේ සිට පසුගිය 27 වන දා මෙරටට පැමිණ ඇති 80 හැවිරිදි අදාළ කාන්තාව බේරුවල ප්‍රදේශයේ හෝටලයකට නිරෝධායන කටයුතු සදහා යොමු කර තිබුණි.

මානසික රෝගී තත්ත්වයකින් පෙළීම හේතුවෙන් ඇය ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහල වෙත ඇතුළත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණි.

රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාව ඊයේ (28) අලුයම් කාලයේ රෝහලෙන් පැන ගොස් තිබේ.

මේ සම්බන්ධයෙන් සිදුකළ සෝදිසියකදී එම කාන්තාව කෑගල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසට ගොස් ඇති බවට අනාවරණය වී ඇත.

ඒ අනුව ඇය සෞඛ්‍ය බලධාරීන් බාරයට ගැනීමෙන් අනතුරුව අංගොඩ මානසික රෝග විද්‍යායතනය වෙත යොමුකිරීමට පියවර ගෙන ඇත.

Comment here