උණුසුම් පුවත්දේශීය

ප්‍රංශ ජනපතිට කොවිඩ්

Emmanuel Macron

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් ට කොවිඩ් වෛරසය වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රෝග ලක්ෂණ පහළ වීමෙන් පසුව 42 හැවිරිදි ප්‍රංශ ජනාධිපතිවරයා පරීක්ෂණයකට භාජනය වී ඇති අතර එහිදී ඔහු ආසාදිතයෙක් බව තහවුරු වී තිබේ.

ඒ අනුව ඔහු දින 7ක් ස්වයං නිරෝධායනය ට යොමු වී තිබේ.

ඔහු තවමත් "රට පාලනය" කරන බවත් ඔහු නිරෝධායනය වෙමින් ම රටේ කටයුතු මෙහෙයවන බවත් එරට උසස් නිලධාරියෙක් පැවසීය.

මේ වනවිට ප්‍රංශය තුළ කොවිඩ් වෛරස ආසාදිතයින් ඉහළ යමින් පවතී. ඒ හේතුවෙන් එරට සංචරණ සීමා ද දැඩිකර ඇත.

එරටින් කොවිඩ් ආසාදිතයින් මිලියන දෙකක් පමණ හමුවී ඇති අතර වාර්තා වී ඇති මරණ ගණන 59,400කි.