උණුසුම් පුවත්දේශීය

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙරට සංචාරයක

Prime Minister of Pakistan Imran Khan

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මෙරට සංචාරයක නිරතවීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව ඔහු එලඹෙන පෙබරවාරි මාසයේ දී දිවයිනට පැමිණෙනු ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

මෙම වසරේදී මෙරටට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා වන්නේද පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් බව සඳහන් වේ.

කෙටි ද්විපාර්ශවික සාකච්ඡාවක් සඳහා පෙබරවාරි මස 23 වනදා පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

කෙසේවෙතත් පාකිස්තාන රාජ්‍ය නායකයෙකු 2016 වසරේ දී මෙරට සංචාරය කිරීමෙන් අනතුරුව එරට කිසිදු ඉහළ පෙළේ නියෝජිතයෙකු මෙරට සංචාරයක නිරතව නොමැත.