උණුසුම් පුවත්දේශීය

පැනගිය කොවිඩ් ආසාදිතයා සොයාගනී

Missing Covid Patient

නිවෙස් නිරෝධායනයට ලක්වෙමින් සිටියදී පැනගිය කොවිඩ් ආසාදිතයා මාකොල උතුර ප්‍රදේශයේ සිටියදී අද (27) පෙරවරු 11.00ට පමණ සොයාගෙන තිබේ.

අදාළ පුද්ගලයා තවත් කාන්තාවක් සමග එම නිවසේ සිට ඇති බවට අනාවරණය වී තිබේ.

එහි දෙවන මහලේ එම කාන්තාවගේ දෙමව්පියන් සිට ඇති අතර සෞඛ්‍ය අංශ මේ වනවිට නිවෙස වෙත ගොස් අවශ්‍ය කටයුතු සිදුකරමින් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මෙම නිවසේ සිටින සියලුදෙනා නිරෝධායන ක්‍රියාවලියට යොමු කෙරෙනු ඇති.

ඊයේ (26) සවස් කාලයේදී මෙම කොවිඩ් ආසාදිත පුද්ගලයා අතුරුදහන්වී තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය මගින් දැනුවත් කිරීමෙන් පසු සපුගස්කන්ද පොලීසියේ ස්ථානාධිපතිවරයා වෙත ඔහු සිටින ස්ථානය පිළිබඳව තොරතුරු ලැබී තිබේ.

කොවිඩ් -19 වෛරසය සම්බන්ධයෙන් සිදුකළ PCR පරීක්ෂාවෙන් අනතුරුව එහි ප්‍රතිඵල ලැබෙන තෙක් නිවෙස් නිරෝධායනයට ලක්කර සිටි එම පුද්ගලයා කොවිඩ් රෝගියෙකු බවට අනාවරණයවීමෙන් පසු එලෙස නිවසින් පළාගොස් තිබුණි.

ඔහු නිමේෂ් මධුසංඛ නම් 22 හැවිරිදි පුද්ගලයෙකි.