උණුසුම් පුවත්දේශීය

පෑලියගොඩ මාළු වෙළෙඳ සංකීර්ණයේ 46කට කොවිඩ්

මෙරට කොරෝනා ආසාදිතයින්

පසුගියදා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලට අනුව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳුන් 46දෙනෙකු කොරෝනා වෛරස ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ වෙළෙඳසැල් පවත්වාගෙන යනු ලබන වෙළෙඳුන් 105 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර ඒ අතරින් මෙම ආසාදිතයින් හඳුනාගෙන තිබේ.

මේ හේතුවෙන් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැල තාවකාලිකව වසා දැමීමට කටයුතු කළ බව එම ප්‍රදේශය භාර සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය.