උණුසුම් පුවත්දේශීය

පුත්තලම් දිස්ත්‍රික්කයට තද සුළං තත්ත්වයක් නිවාස 245කට හානි

තද සුළං

අද(15) සවස 4.30ට පමණ පුත්තලම් දිස්ත්‍රික්කයට තද සුළං තත්ත්වයක් ඇතිව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කරන පරිදි ප්‍රාදේශීය කොට්ඨාශ 6ක මෙම තත්ත්වය බලපා ඇති අතර පුත්තලමේ නිවාස 245 කට හානි සිදුව තිබේ.

කරුවලගස්වැව නිවාස 110 ක්, නවගත්තේගම නිවාස 60, ආණමඩුව නිවාස 53 ක් වනාතවිල්ලුවෙන් නිවාස 15 ක් හා පුත්තලමේ නිවාස 4 ක් හා මහකුඹුක්වැව ප්‍රදේශයෙන් නිවාස 3 ක් ආදි වශයෙන් නිවාස හානි වාර්තා වන බවද කොඩිප්පිලි මහතා කියා සිටියේය.

මේ වන විට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරිය හා ත්‍රිවිධ හමුදාව හා පොලීසිය එක්ව වැඩ කටයුතු සිදු කරන බවද ඒ මහතා පැවසීය.

එම පීඩාවට පත් ජනතාවට මුල්‍යමය හා ද්‍රව්‍ය සහන ලබා දීමට කටයුතු කරන බවත්‍ කොඩිප්පිලි මහතා කියා සිටියේය.

පීඩාවට පත් ජනතාව සිටි නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 දුරකථන අංකය ඔස්සේ සම්බන්ධ විය හැකියි.