උණුසුම් පුවත්දේශීය

පොළොන්නරුව සොලොස්මස්ථානය පුජා භූමියක් බවට පත්කෙරේ

Polonnaruwa Solosmasthanaya

පොළොන්නරුව ඓතිහාසික ගල්විහාරය ඇතුළු සොලොස්මස්ථාන පූජා භූමියක් බවට පත්කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබේ.

ඊට අදාළ සන්නස් පත්‍රය පොළොන්නරුව සොලොස්මස්ථානාධිපති, අස්ගිරිය පාර්ශවයේ අනු නායක පූජ්‍ය වේඬරුවේ උපාලි හිමියන් වෙත ඊයේ (20) ප්‍රදානය කෙරුණි.

සෞභාග්‍යයේ දැක්ම අරුත් ගන්වමින් බුදු දහම ප්‍රමුඛත්වයේ ලා සලකමින් අධ්‍යාත්මික වශයෙන් පිරිපුන් ගුණගරුක ජන සමාජයක් බිහි කිරීමත්, ශ්‍රී ලාංකේය ඓතිහාසික උරුමය අනාගත පරපුර වෙත සුරක්ෂිත කර දායාද කිරීමත් අරමුණු කරගනිමින් මෙලෙස පොළොන්නරුව සොලොස්මස්ථාන රජමහා විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබේ.