උණුසුම් පුවත්දේශීය

බස්නාහිර පළාතේ සහ තවත් ප්‍රදේශ කිහිපයක හෙට සිට ඇඳිරිනීතිය ඉවත් කරන හා හුදකලා කර ඇති ප්‍රදේශ

හෙට උදෑසන 5.00 සිට බලපැවැත්වෙන පිරිදි බස්නාහිර පළාතට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) දිනයේ අනිවාර්යයෙන්ම ඉවත් කෙරෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

කෙසේවෙතත් කොළඹ දිස්ත්‍රික්කයේ හඳුනාගත් පොලිස් වසම් 12ක් සහ අවදානම් බවට හඳුනාගෙන ඇති මහල්නිවාස සංකීර්ණ කිහිපයක් බාහිර සමාජයට පිවිසිය නොහැකි ආකාරයට හුදකලාවකට ලක් කිරීමට තීරණය කර ඇති බවද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

මේ අතර කුරුණෑගල, කුලියාපිටිය, කෑගල්ල සහ මාවනැල්ල ප්‍රදේශවලටත් පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය හෙට උදෑසන 5.00 සිට ඉවත් කෙරෙන බවද සඳහන් කළේය.

දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය හෙට (09) සිට ඉවත් කෙරුණ ද හුදකලා කිරීමට තීරණය කර ඇති ප්‍රදේශ පහතින් දැක්වේ.

කොළඹ දිස්ත්‍රික්කය

මට්ටක්කුලිය
මෝදර
බ්ලුමැන්ඩල්
කොටහේන
ග්‍රෑන්ඩ්පාස්
වෙරළබඩ පොලිස් බලප්‍රදේශය
ආදුරුප්පුවීදිය
මාළිගාවත්ත
දෙමටගොඩ
වැල්ලම්පිටිය
බොරැල්ල
කෙසෙල්වත්ත

කොළඹ හුදකලා කෙරෙන මහල් නිවාස සංකීර්ණ

මට්ටක්කුලියේ මෙත්සඳ සෙවන
මිහිජය සෙවන
මෝදර රන්මුතු සෙවන
ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයන
දෙමටගොඩ සිරිසර උයන
මාලිගාවත්ත ප්‍රදේශයේ හඳුනාගෙන ඇති මහල් නිවාස සංකීරණයක්

ගම්පහ දිස්ත්‍රික්කය
වත්තල
පෑලියගොඩ
කඩවත
රාගම
මීගමුව
පමුණුගම
ජාඇළ
සපුගස්කන්ද

කළුතර දිස්ත්‍රික්කය
හොරණ
ඉංගිරිය
වෑකඩ බටහිර ග්‍රාමසේවා කොට්ඨාසය

කුරුණෑගල දිස්ත්‍රික්කය
කුරුණෑගල මහනගර සභා බලප්‍රදේශය
කුලියාපිටිය

කෑගල්ල දිස්ත්‍රික්කය
මාවනැල්ල
රුවන්වැල්ල