මහර බන්ධනාගාරයේ රඳවා ඇති පිරිසක් ඇතිකළ නොසන්සුන්තාවය හේතුවෙන් මියගිය සිව් දෙනෙක් ගේ සිරුරු සහ තුවාල ලැබූ රැඳවියන් 24 දෙනෙක් ද මේ වන විට රෝහලට ඇතුලත් කර ඇතිබව රාගම රෝහලේ අධ්‍යක්ෂවරිය පවසයි.
මහර බන්ධනාගාරයේ රඳවා ඇති පිරිසක් ඇතිකළ මෙම නොසන්සුන්තාවය පාලනය කිරීමට පියවර ගෙන ඇතිබව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.
මෙම සිදුවීම ගැන සොයාබැලීමට කමිටුවක් පත්කිරීමට ද කටයුතු කර තිබේ.
මේ අතර අද දහවල් මහර බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩි තැබීමකින් රැඳවියෙක් ජීවිතක්ෂයට පත්විය.
අද (29) පස්වරුවේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වයක් පාලනය කිරීමට වෙඩි තැබීම සිදුකර ඇති අතර ඉන් තවත් රැඳවියන් තිදෙනෙකු තුවාල ලබා ඇත.
බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවර ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.