උණුසුම් පුවත්දේශීය

මහවිරු සැමරුමට අවසර ඉල්ලා ගොනුකළ පෙත්සම් මහාධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරේ

Jaffna Court

මහවිරු සැමරුම් පැවැත්වීමට අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලා ගොනුකර තිබු පෙත්සම් යාපනය මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

වව්නියාව සහ මන්නාරම ප්‍රදේශවල එල්.ටී.ටී.ඊ සැමරුම් පැවැත්වීම අත්හිටුවමින් අදාළ අධිකරණ මගින් ඊයේ තහනම් නියෝග නිකුත්කර තිබුණි.

පොලීසිය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව වව්නියාව සහ මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණ විසින් එම තහනම් නියෝග නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

කෙසේවෙතත් අද දිනයේ මහාධිකරණය විසින් ලබා දී ඇත්තේ ඓතිහාසික තීන්දුවක් බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, මහවිරු සැමරුම් පැවැත්වීම සම්බන්ධයෙන් පොලීසියට ක්‍රියාමාර්ග ගැනීමට ඇති අයිතිය එයින් තහවුරු වු බව ද කියා සිටියේය.

මේ පිළිබඳ වැඩිදුටත් අදහස් දැක්වු ඒ මහතා,

“මෙහිදී පෙත්සම්කාර පාර්ශවයන් විසින් ඉල්ලා සිටියේ, එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සමරණු ලබන මහවිරු සැමරුම් පැවැත්වීම වැළැක්වීමට පොලීසිය හා සෞඛ්‍ය අංශ ගන්නා උත්සහ නවත්වමින් රිට් ආඥාවක් නිකුත් කරන ලෙස. මෙහිදී පෙත්සම් 4ක් අධිකරණය වෙත යොමුකර තිබුණා. එම පෙත්සම්කරුවන් පවසා සිටියේ, ලබන නොවැම්බර් 25, 26 හා 27 යන දිනවල උතුරු පළාත පුරා පැවැත් වීමට නියමිත සැමරුම් පැවැත්වීමට සුදානම් බවත්, එවා වැළැක්වීමට පොලීසිය ගන්නා උත්සහය නවත්වන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා. කෙසේවෙතත් නීතිපතිවරයා වෙනුවෙන්, අතිරේක සොලිසර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ඒ වගේම නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය සහ ජ්‍යෙෂ්ඨ රජයේ අධිනීතිඥ සහිරා මහත්මිය ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිට කරුණු දක්වනු ලැබුවා. එහිදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ මෙවැනි නියෝගයක් නිකුත් කිරීම සඳහා මෙම අධිකරණයට විශේෂයෙන් අධිකරණ බලය සම්බන්ධ රජය වෙනුවෙන් ඉදිරිපත් කළ තර්කය පිළිගනිමින් මහාධිකරණය පෙත්සම්කරුවන්ගේ පෙත්සම් ප්‍රතික්ෂේප කරනු ලැබුවා.“

Comment here