උණුසුම් පුවත්දේශීය

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4941ක්

ඊයේ (26) දිනයට මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 541ක් වන අතර ඒ අනුව මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4,941 දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් පුද්ගලයින් 1,041ක් දෙනෙක් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් වන අතර ඉදිරි පුද්ලගයින් 3,900 දෙනා කර්මාන්ත ශාලාවේ කොවිඩ් පොකුරට සම්බන්ධ පුද්ගලයින් වේ.

ඊයේ දිනය තුළ හඳුනාගැනුණු මෙම ආසාදිතයින් අතර නිරෝධායන මධ්‍යස්ථානවල සිටින පුද්ගලයින් 42 දෙනෙකු සහ මිනුවන්ගොඩ, පෑලිගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයින් 499 දෙනෙකු සිටින බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 8,413 දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් රෝගීන් 3,933 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසීය.

ඒ අනුව රෝගීන් 4,464 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටියි.

ඊයේ දිනය තුළ පමණක් මෙරට පීසීආර් පරීක්ෂණ 7,682ක් සිදුකර ඇති අතර ඒ අනුව සමස්ථ පීසීආර් පරීක්ෂණ ගණන 458,518ක් දක්වා ඉහළ ගොස් තිබේ.