උණුසුම් පුවත්දේශීය

මිලියන 708ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ගම්පහ 6ක් රිමාන්ඩ්

ගම්පහ දිස්ත්‍රික් සණස සංගමයේ රුපියල් මිලියන 708කට අධික මුදලක් 2011 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා කාල සීමාවේ දී පුද්ගලික සමාගමකට ලබාදීම සම්බන්ධයෙන් ගම්පහ දිස්ත්‍රික් සණස සමිති සංගමයේ හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරිය, හිටපු අධ්‍යක්ෂවරුන් තිදෙනෙකු හා හිටපු අධ්‍යක්ෂිකාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් හා සැකකාරියන් අවුරුදු 55, 62, 65, 75, හා 81 යන වයස්වල පසුවෙන බව පොලීසිය පවසයි.

සැකකරුවන් හා සැකකාරියන් අද (11) දින ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

සිද්ධිය පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන ඒ්කකය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Comment here