උණුසුම් පුවත්දේශීය

මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 21,469 ක්

Covid-19

මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 21,469 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් -19 ආසාදිතයින් වැඩිම සංඛ්‍යාවක් ඊයේ (25) දිනය තුළ වාර්තා වූයේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

එම සංඛ්‍යාව 262ක් වන අතර අලුත්කඩේ සහ මට්ටක්කුලිය යන ප්‍රදේශවලින් ආසාදිතයින් 42ක් බැගින් හඳුනාගැණුනි.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් වාර්තාවීමේ වර්ධනයක් ඊයේ දිනයේ යළිත් පෙන්නුම් කර තිබේ.

එම දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 90 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඊට කටුනායකින් හඳුනාගත් ආසාදිතයින් 33 දෙනා සහ වත්තලින් හඳුනාගත් ආසාදිතයින් 28 දෙනා අයත් ය.

කළුතර දිස්ත්‍රික්කයෙන් ද නව ආසාදිතයින් 46 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඊයේ දිනයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ පහතින් දැක්වේ,

කොළඹ දිස්ත්‍රික්කය - 262

අලුත්කඩේ - 42
මට්ටක්කුලිය - 42
ග්‍රෑන්ඩ්පාස් - 39
කොම්පඤ්ඤ වීදිය - 31
කිරුළපන - 28
වැල්ලවත්ත - 23
කොටහේන/බ්ලුමැන්ඩල් - 19
මරදාන - 15
කොල්ලුපිටිය - 06
දෙහිවල - 05
පන්නිපිටිය - 03
වැල්ලම්පිටිය - 03
කුරුඳුවත්ත -02
දෙමටගොඩ - 02
කොටුව - 01
මොරටුව - 01

ගම්පහ දිස්ත්‍රික්කය - 90

කටුනායක - 33
වත්තල - 28
මීගමුව - 07
බියගම - 07
කැලණිය - 04
දිවුලපිටිය - 03
අත්තනගල්ල - 03
ගම්පහ - 03
දොම්පෙ - 02

කළුතර දිස්ත්‍රික්කය - 46
පුත්තම දිස්ත්‍රික්කය - 15
නුවරඑළිය දිස්ත්‍රික්කය - 08
කෑගල්ල දිස්ත්‍රික්කය - 07
බදුල්ල දිස්ත්‍රික්කය - 06
කිළිනොච්චි දිස්ත්‍රික්කය - 05
රත්නපුර දිස්ත්‍රික්කය - 03
කුරුණෑගල දිස්ත්‍රික්කය - 01
මාතර දිස්ත්‍රික්කය - 01
ගාල්ල දිස්ත්‍රික්කය - 01

වෙනත් ආසාදිතයින් - 55

මේ වනවිට ආසාදිතයින් 5926 ක් පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි.

සමස්ත ආසාදිතයින්ගෙන් 15447 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර මේ දක්වා මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ ගණන 96කි.