උණුසුම් පුවත්දේශීය

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2665 දක්වා ඉහළට

Covid-19

ඊයේ (14) දිනය වන විට ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා වී ඇත.

සිව් දෙනෙක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන්ගේ ආශ්‍රිතයෙක්, ඕමානයේ සිට පැමිණි අයෙක් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව වාර්ථා වේ.

තවත් ආසාදිතයින් සිව් දෙනෙක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන්ගේ සමීපතමයින් බව වාර්තා විය.

සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටින සිව්දෙනෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා විය.

තවද කුණ්ඩසාලේ ප්‍රදේශයෙන් කොවිඩ් අසාදිත රෝගීන් දෙදෙනෙක් හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි.

රාජාංගනය සහ පොළොන්නරුව, ලංකාපුර ප්‍රදේශවලින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සමග සමීප සබඳතා පැවැත් වූ පුද්ගලයින් දෙදෙනෙක් නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.

ඕමානයේ සිට මෙරට ට පැමිණි ලාංකිකයින් 288 දෙනාගෙන් තිදෙනෙකු ආසාදිතයින් බව ද වාර්තා විය.

මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 2665 දක්වා ඉහළගොස් තිබේ.

Comment here