උණුසුම් පුවත්දේශීය

මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2612ක් දක්වා ඉහළට

මෙරට කොරෝනා ආසාදිතයින්

මේ දක්වා අද දිනය තුළ තවත් නව කොරෝනා වෛරස ආසාදිතයින් 101 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2612ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශකවරයෙක් ලෙස කටයුතු කරන මහනුවර කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචි යුද හමුදා මේජර්වරයෙකුට ද කොවිඩ් නයින්ටීන් රෝගය වැළදී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා පවසයි.

අදාළ නිලධාරියාගේ බිරිඳ කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ සේවය කරන අතර ඇය ඇතුළු ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමුකර ඇති බව වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා සඳහන් කළේය.

මෙම නව ආසාදිතයින් 101 දෙනාගෙන් 76 දෙනෙකු කන්දකාඩු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමුකළ පිරිසක් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා පැවසීය.

සෙසු 14 දෙනෙක් එම රැඳවියන්ගේ ආශ්‍රිතයින් බව නාලක කළුවැව මහතා සඳහන් කළේය.

ඊට අමතරව, රාජාංගනයෙන් ආසාදිතයින් 4 දෙනෙක්, ඉරානයේ සිට පැමිණි දෙදෙනෙක් සහ බෙලරුස් සිට පැමිණි 5 දෙනෙක් මේ දක්වා හඳුනාගෙන තිබේ.

Comment here