උණුසුම් පුවත්දේශීය

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 32,789 දක්වා ඉහළට

මෙරට සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 32,789 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (13) දිනයේ හඳුනාගැණුනු නව ආසාදිතයින් 655 දෙනා සමඟ ය. එයින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව 444 දෙනෙකු කොළඹින් දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 75 දෙනෙකු සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 41 දෙනෙකු ද ඊයේ දිනයේ හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් අතරට අයත්ය.

ඊයේ දින හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් 655 දෙනා අතරින් 05 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි ශ්‍රී ලාංකිකයින් වේ.

ඒ, එක්සත් රාජධානියේ සිට පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු සහ අබුඩාබිහි සිට පැමිණි එක් අයෙකු ය.

පුද්ගලයින් 23,792ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 8,845කි.

මේ අතර මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ ගණන 152 ක් දක්වා ඉහළ ගොස් තිබේ.