උණුසුම් පුවත්දේශීය

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 27,227ක්

ඊයේ දිනය වනවිට කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත සංඛ්‍යාව 27,227ක් ලෙස වාර්තා වී තිබුණි. ඉන් 20,089 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. ඒ අනුව තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින සංඛ්‍යාව 7,001කි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (05) දිනයේත් වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී තිබූ අතර එම සංඛ්‍යාව 204කි.

මේ අතර, ඊයේ දිනය තුළ මහනුවර දිස්ත්‍රික්කයෙන් නව කොවිඩ් ආසාදිතයින් 170 දෙනෙකු, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 111 දෙනෙකු හඳුනාගැනීම ද විශේෂත්වයකි.

ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් ඇති අතර පසුගිය සතිය තුළ දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව අඩු අගයකින් වාර්තා වූ ගම්පහ දිස්ත්‍රික්කයෙන් යළිත් ආසාදිතයන් 100ය ඉක්මවු සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.

ඊයේ දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිත රෝගීන් 669 දෙනෙකු හඳුනාගෙන ඇත.

කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් මෙරට තුළ සිදුවී ඇති සමස්ත මරණ සංඛ්‍යාවද 137ක් දක්වා ඉහළ ගොස් තිබේ.