උණුසුම් පුවත්දේශීය

මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2,730ක්

Covid-19

මේ දක්වා ඊයේ (20) දිනය තුළ දී කොවිඩ් -19 ආසාදිතයින් 6 දෙනෙක් හමු වී ඇති අතර ඒ අනුව මෙරටින් මේ දක්වා හමු වී ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2,730ක් බව සෞඛ්‍ය අංශ පවසති.

ඉන් 2,041 දෙනෙකු මේ වන විට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් 676 දෙනෙක් රෝහල්වල ප්‍රතිකාර ලබති.

මේ අතර, කොවිඩ් වෛරසයට එරෙහිව සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීම සඳහා කොවිඩ් ව්‍යාප්ති මුල් අදියරේ භාවිත කළ ආකාරයෙන් දේශීය ඖෂධවලට නැඹුරුවන්නැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

කොවිඩ් මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් පත්‍රය මගින් තමන්ට නිසි බලතල පවරන්නැයි ඉල්ලා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අද තවත් වෘත්තීය සමිති කිහිපයක් සහය පළ කළහ.

පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය,අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය, රජයේ කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමය හා රජයේ ඛන්තු රේඛන ශිල්පීන්ගේ සංගමයද එම වෘත්තීය ක්‍රියාමාර්ගයට සහය දෙන බව පවසති.

Comment here