උණුසුම් පුවත්දේශීය

මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 2450 දක්වා ඉහළට

PCR Test

තවත් කොවිඩ් 19 ආසාදිතයින් තිදෙනෙකු හඳුනාගෙන ඇත අතර ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 2450 දක්වා ඉහළ ගොස් ඇත.

ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණ නිරෝධායනය වු තිදෙනෙකු බව වාර්තා වේ.

අද (10) දිනයේ දී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 296කි.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින ගණන 459කි.

පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 1980කි.