උණුසුම් පුවත්දේශීය

මෙරට සමස්ත කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාව 2752 දක්වා ඉහළට

Covid-19

ඊයේ (22) දිනයේ වාර්තා වූ නව රෝගීන් 22ත් සමඟ මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 2752 දක්වා ඉහළ ගොස් තිබේ.

එම රෝගීන් 22 අතරින් 14 දෙනෙකු සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ, නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 7 දෙනෙකු ද කොවිඩ් නයින්ටීන් රෝගීන් ලෙස හඳුනාගෙන තිබේ.

ඊට අමතරව කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු ද කොවිඩ් නයින්ටීන් රෝගියෙකු ලෙස හඳුනාගෙන ඇති අතර, ඔහු නොරොච්චෝලේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අයෙකු බව සඳහන් වේ.

ඒ අනුව මේ වනවිට කොවිඩ් නයින්ටීන් රෝගීන් 677 දෙනෙකු රෝහල්ගත ව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 2064ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

Comment here