උණුසුම් පුවත්

මෙරට සමස්ත කොවිඩ් 19 රෝගීන් සංඛ්‍යාව 1924 දක්වා ඉහළට

කොරෝනා ආසාදිතයින් ගණන

ඊයේ (17) දිනයේ වාර්තා වූ නව රෝගීන් 09 දෙනාත් සමග මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 1924 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දිනයේ වාර්තා වූ රෝගීන්ගෙන් 05 දෙනෙකු චෙන්නායිහි සිට පැමිණි පුද්ගලයින් වන අතර දෙදෙනෙකු බංග්ලාදේශයේ සිට පැමිණි පුද්ගලයින් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු ද ඊයේ දිනයේදී කොවිඩ් නයින්ටීන් රෝගීන් ලෙස හඳුනා ගෙන තිබේ.

ඒ අනුව මේ වන විට රෝගීන් 516 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර රෝගීන් 1397 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.