උණුසුම් පුවත්දේශීය

මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව‍ 14715ක් – මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 11000 ඉක්මවයි

ඊයේ (10) දිනයේ දී නව ආසාදිතයින් 430ක් හඳුනා ගෙන ඇත. ඒ සමග මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව‍14,715ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට අදාළ පොකුරෙන් වාර්තා වු සමස්ථ ආසාදිතයින් ගණන 11,237ක් දක්වා ඊයේ දිනයේ දී වාර්තා විය.

ඒ අතරින් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකියන් 1,041ක්, පෑලියගොඩ මාළු වෙළෙඳපොළෙන් පුද්ගලයින් 1,007ක් හා ඉතිරි පුද්ගලයින් 9,189 දෙනා මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ ආසාදිතයින්ගේ සහ පෑලියගොඩ මාළු වෙළෙඳපොළේ ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

එමෙන්ම ඊයේ (10) දිනයේ දී මෙරට පීසීආර් පරීක්ෂණ 8,272ක් සිදුකර ඇති අතර, මෙරට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 619,108කි.

ඊයේ (10) දිනයේ දී මෙරටින් කොවිඩ් මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරට සිදුව ඇති කොවිඩ් මරණ ගණන 41ක් දක්වා ඉහළ ගොස් ඇත.