උණුසුම් පුවත්දේශීය

මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2064ක්

corona recover

කොරෝනා ආසාදිතයින් 16 දෙනෙකු අද (10) උදෑසන 10 වන විට පූර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2064ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මේ අතර,මාසයකට ආසන්න කාලයකට පසුව ඊයේ (21) දිනයේ මෙරටින් කිසිදු කොවිඩ් නයින්ටීන් රොගියෙකු වාර්තා වී නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඊයේ පි.සි.ආර් පරික්ෂණ 1100 ක් සිදුකර ඇති අතර ඒ අනුව මේ වන විට මෙරට තුළ පි.සි.ආර් පරික්ෂණ එක් 141,515ක් සිදුකර තිබේ.

මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගින් සංඛ්‍යාව 2730ක් වන අතර රෝගින් 655 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.

මේ අතර කොවිඩ් -19 වෛරසය ආසාදනය වළක්වා ගැනීම සඳහා පත් කළ ජනාධිපති කාර්යය සාධන බලකායේ විෂය පථය පුළුල් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.