උණුසුම් පුවත්දේශීය

මෙ වන විට මෙරට කොවිඩ් තත්ත්වය

Covid-19

ඊයේ (30) දිනය තුළ මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 633කි. ඔවුන් සියලු දෙනා දේශීයව හඳුනාගත් පුද්ගලයින් වේ.

ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුර අද (31) උදෑසන වන විට 6,946 දෙනෙක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉන් පුද්ගලයින් 1,041 දෙනෙක් එම ඇඟලුම් කම්හලේ සේවකයින් වන අතර ඉතිරි පුද්ගලයින් 5,905 දෙනා එම කම්හලේ කොවිඩ් පොකුරට සම්බන්ධ පුද්ගලයින් වන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

තවද අද (31) උදෑසන වන විට පොලිස් නිලධාරීන් 60 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, 400කට අධික පිරිසක් ඍජු නිරෝධායනයට යොමුකර ඇති අතර තවත් පොලිස් නිලධාරීන් 1100ක පමණ ප්‍රමාණයක් එම බැරැක්ක තුළම නිරෝධායනය කර ඇති බවය.

ඒ අනුව මෙරටින් හමුවී ඇති මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 10,424 ක් වන අතර ඉන් 6,123 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබති.

මේ වනවිට, 4,282ක් සම්පූර්ණ සුවය ලබා තිබේ.

අද දිනය වන විටත් ත්‍රිවිධ හමුදාව පිසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 60ක් තුළ පුද්ගලයින් 5,760 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටී.

ඊයේ දිනය තුළ දී මෙරට පීසීආර් පරීක්ෂණ 12,106ක් සිදුකර ඇතැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ අනුව මෙරට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය 502,669ක් දක්වා ඉහළ ගොස් තිබේ.