උණුසුම් පුවත්දේශීය

මෙ වන විට මෙරට කොවිඩ් තත්ත්වය

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් 19 පොකුරෙන් වාර්තා වන සමස්ථ ආසාදිතයින්ගේ ගණන5,730 දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (28) දිනයේ හඳුනාගැණුනු නව ආසාදිතයින් 335 දෙනා ද සමගය.

ඊයේ දිනයේ හඳුනාගැණුනු ආසාදිතයින්ගෙන් 27 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළින් හඳුනාගෙන ඇති අතර අනෙක් ආසාදිතයින් 308 දෙනා පෑලියගොඩ සහ මිනුවන්ගොඩ කොවිඩ් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.=

ඒ අනුව මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 9,205ක් වන අතර ඉන් රෝගීන් 4,075දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව රෝගීන් 5,111 දෙනෙකු තවදුරටත් පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.