උණුසුම් පුවත්දේශීය

රාගම රෝහලෙන් පළාගිය රැඳවියා අත්අඩංගුවට

Ragama Hospital

මහර බන්ධනාගාර ගැටුමින් තුවාල ලබා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පළාගිය රැඳවිය බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරීන් විසින් සොයා ගෙන තිබේ.

ඊයේ (02) රාත්‍රීයේ එම රැඳවිය රෝහලෙන් පළාගොස් තිබුණි.

පසුව සිදුකළ විමර්ශනවලින් අනතුරුව අද (03) උදෑසන ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී රැඳවියා බන්ධනාගාර නිලධාරීන් භාරයට ගෙන තිබේ.

සැකකරු මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.