උණුසුම් පුවත්ක්‍රීඩාදේශීය

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය

LPL

ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය අද (26) ආරම්භවිය. තරගාවලියේ සමාරම්භක උත්සවය අද පස්වරු 6.50ට පැවැත්වින.

අද සිට ලබන දෙසැම්බර් 16 වනදා දක්වා තරගාවලිය පැවැත්වීමට සැළසුම් කර තිබේ.

කලම්බෝ කින්ග්ස්, ගොල් ග්ලැඩියේටර්ස් , ජැෆ්නා ස්ටැලියොන්ස්, දඹුල්ල වයිකින්ස්, කැන්ඩි ටස්කර්ස් ලෙස කණ්ඩායම් 05ක් තරගවැදීමට නියමිතය.

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය තරඟය ලෙස ඇන්ජලෝ මැතිව්ස් නායකත්වය දරණ කලම්බු කිංග්ස් සහ කුසල් ජනිත් නායකත්වය දරණ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අතර පළමු තරඟය ආරම්භ විය.

කාසිය වාසිය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව ප්‍රථමයෙන් පන්දු යැවීමටයි කලම්බු කිංග්ස් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් තීරණය කළේය.

එම තරඟය පැවැත්වෙන්නේ සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදීයි.

තරගාවලියේ සියලුම තරග හම්බන්තොට සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය.