පසුගිය කාලපරිච්ඡේදය තුල වික්ටෝරියා ජලාශය අවට වරින් වර වාර්තා වු භු කම්පන කෙරෙහි පරිසර අමාත්‍යාංශයේ අවධානය යොමු විය.
අවස්ථා කිහිපයක දී භූ කම්පන විද්‍යාඥ්යින් සහ භු විද්‍යඥයින් යොදා ගනිමින් පර්යේෂණ කළ අතර ඊට අදාළ වාර්තා කිහිපයක් ද සකස් කරනු ලැබීය.
නමුත් මෙම භූ කම්පන පිළිබඳවත්, ඉදිරියේ දී බලපෑමක් ඇති විය හැකි මට්ටමින් භූ කම්පනයක් සිදු වුවහොත් සිදු විය හැකි හානි අවම කිරීම හා දැනට සිදු වන සුළු භූ කම්පන තත්වයන් ඇති වීමට හේතු වන කරුණු සොයා බැලීම සඳහා පුළුල් විද්වත් කමිටුවක් පත් කරන ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් දුන්නේය. ඒ අනුව ලේකම්වරයා විසින් පහත දැක්වෙන පරිදි එම විද්වත් කමිටුව පත් කරන ලද බව අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.
1. ඉංජි. අනුර වල්පොල මහතා මෙම කමිටුවේ සභාපතිත්වයට පත් කර ඇත. (වර්තමාන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති)
2. මහාචාර්ය අතුල සේනාරත්න මහතා- පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
3. මේජර් ජෙනරල් එස්. රණසිංහ මහතා- අධ්යක්ෂ ජනරාල්, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය.
4. ඉංජි.වසන්ත ඉහළපිටිය මහතා- වික්ටෝරියා ජලාශ ව්‍යාපෘතිය භාර ඉංජිනේරු.
5. මහාචාර්ය ජගත් ගුණතිලක මහතා- පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
6. මහාචාර්ය ලේ.ආර්.කේ.පෙරේරා මහතා- පේරාදෙණිය විශ්වවිද්‍යාලය.
7. ආචාර්ය ඕ.කේ.දිසානායක මහතා- මොරටුව විශ්වවිද්‍යාලය.
8. නලින් ද සිල්වා මහතා- භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය.
9. ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා- ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය.
10. නිල්මිණි තල්දෙන මහත්මිය- භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය.
11. මහින්ද සෙනෙවිරත්න මහතා- භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය.
වික්ටෝරියා ජලාශය අවට සිදු වන සුළු භූ කම්පන පිළිබඳව විමර්ශනයට විද්වත් කමිටුවක් පත් කෙරේ
December 10, 20200

Related tags :
Minor Earthquake Victoria Dam Victoria Reservoir
Related Articles
April 13, 20200
ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 217ක් දක්වා ඉහළට
මෙරට තවත් කොරෝනා වෛරසය ආසාදනය වු රෝගීන් සිව් දෙනෙක් අද දින වාර්තා වී ඇත.
මෙම රෝගීන් සිව් දෙනාම පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් හඳුනාගෙන ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මේ වන විට ලංකාව
Read More
December 16, 20200
කොවිඩ් හෙළ ඔසුව ගැන අස්ගිරි මහනායක හිමිගේ මතය
කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ කොවිඩ් මර්දන දේශීය ඖෂධයෙන් මෙරට ජනතාවට සේවයක්වීම දැකීමට අකමැති පිරිස් ඊට ප්‍රසිද්ධියක් ලබා නොදෙන බවට තමන් වහන්සේට හැඟී යන බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්
Read More
December 5, 20200
130වන කොවිඩ් මරණය ඊයේ (04) වාර්තා විය
මෙරට 130වන කොවිඩ් මරණය ඊයේ (04) දින වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.
එලෙස මියගොස් ඇත්තේ 72 හැවිරිදි පිළියන්දල ප්‍රදේශයේ පදිංවිව සිටි පුද්ගලයෙකි.
එම පුද්ගලයා කොවිඩ්-19 ආස
Read More