උණුසුම් පුවත්දේශීය

ශ්‍රී ලංකාවට ආසන්නයේ තෙල් නැවක ගින්නක් – තුවාල ලැබුවෙක් නාවික හමුදාවෙන් බේරා ගැනේ

සංගමන්කන්ද ප්‍රදේශයේ සිට නාවික සැතපුම් 38 ක දුරින් වූ මුහුදේ යාත්‍රා කරමින් තිබූ තෙල් නෞකාවක ගින්නක් හටගෙන තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාව පැවසුවේ පැනමා ධජය යටතේ තෙල් ප්‍රවාහනය කරනු ලබන  “MT NEW DIAMOND“ නම් වූ නෞකාවේ මෙම ගින්න හටගෙන ඇති බවය.

ගිනිගනිමින් පවතින නෞකාවේ සිටි තුවාල ලැබු නාවිකයෙක් මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරා ගෙන තිබේ.

එමෙන්ම ගිනි ගනිමින් පවතින නෞකාවේ සිටි කාර්යය මණ්ඩලයේ 18 දෙනෙක් වෙනත් නෞකාවකින් බේරා ගෙන ඇත.

නෞකාව කාර්යය මණ්ඩල සාමාජිකයින් 23 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඔවුන්ගේ සහායට නාවික හමුදාවේ නෞකා 3 මේ වනවිට පිටත් කර ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේය.

නෞකාවේ එන්ජින් කාමරයේ ගින්න හටගෙන ඇති අතර එය මෙතෙක් ප්‍රධාන තෙල් ටැංකි පිහිටා ඇති ප්‍රදේශ වෙත පැතිරගොස් නොමැති බවට වාර්තා වේ.

Comment here