උණුසුම් පුවත්දේශීය

සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 23,484ක්

අද (30) උදෑසන වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 23,484ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඒ ඊයේ (29) දිනයේ වාර්තා වු කොවිඩ් ආසාදිතයින් 496 දෙනා ද සමගය.

ඊයේ දිනයේ දීත් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. ඒ ආසාදිතයින් 167ක් ලෙසය.

ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 56ක් සහ පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 53 දෙනෙක් වාර්තා වී ඇත.

ඊයේ දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 7 දෙනෙක් මියගොස් ඇති අතර එම පුද්ගලයින් අකුරැස්ස, ගොතටුව, මරදාන, කොළඹ 02, හලාවත, කොළඹ 13 සහ මොරටුව යන ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් වේ. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ ගණන 116ක් දක්වා ඉහළ ගියේය.

අද වන විට ත්‍රිවිධ හමුදාව විසින් පාලනය වන නිරෝධායන මධ්‍යස්ථාන 54ක පුද්ගලයින් 5,537ක් නිරෝධායනය වෙමින් සිටී.