උණුසුම් පුවත්දේශීය

සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2782ක්

Covid-19

මෙරට දී මෙතෙක් හමු වී ඇති සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ගණන 2782කි.

ඊයේ දවස තුළ (26) මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ගණන 12 කි.

පස්දෙනෙකු සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිටි පිරිසක් වන අතර ඔවුන්ගෙන් තිදෙනෙක් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් වන අතර සිව්දෙනෙක් කටාර් රාජ්‍යයේ සිට පැමිණි අය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙ අතර සුවය ලැබූ ගණන 2106 දක්වා ඉහළ ගියේ ගතවූ පැය 24 තුළ තවත් තිදෙනෙකු සුවය ලැබීමත් සමගය.

එමෙන්ම තවමත් ප්‍රතිකාර ලබන ගණන 665 කි.

Comment here