උණුසුම් පුවත්දේශීය

සුවය ලැබු සමස්තය 1863ක් දක්වා ඉහළට

අද (03) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 36 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව සුවය ලැබු සමස්තය 1863ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

එමෙන්ම වෛරසය අසාදනය වු තවත් නාවික හමුදා සාමාජිකයින් 29 දෙනෙකු සුවය ලැබීමත් සමග මේවන විට සුව වූ ලැබූ සමස්ත නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාව 877ක්.

මේ අතර, විදේශයන්හි සිට පැමිණි තවත් පුද්ගලයින් 12 දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මෙරට සිටින ආසාදිතයින් සංඛ්‍යාව 2066ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායනය සඳහා යොමුකර සිටි කොළඹ 13 ජින්තුපිටිය ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොවිඩ් -19 අසාදනය වී ඇති බව ඊයේ (02) රාත්‍රියේ හඳුනා ගත්තේය.

ඒත් සමඟ ප්‍රදේශයේ පවුල් 29 ක පුද්ගලයින් 154කට ආසන්න පිරිසක් නිරෝධායනයට යොමුකර තිබේ.

කෙසේ වුවද ඔහු සමාජය තුළින් හදුනාගත් රෝගියෙකු ලෙස නොසළකන බවත් ඔහුගෙන් රෝගය සමාජයට ව්‍යාප්ත වීමේ අවධානමක් නොමැති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය  අනිල් ජාසිංහ මහතා තහවුරු කරයි.

Comment here