උණුසුම් පුවත්දේශීය

සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1979ක් දක්වා ඉහළට

අද (09) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 12 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1979ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයන් 13 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග මෙරට සිටින වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 2094 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කළේ, වෛරසය ආසාදිතව සිටි නාවිකයින් 894 දෙනෙකු මේවන විට පූර්ණ සුවය ලබා ඇති බවය.

ඊයේ (08) මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙකු හඳුනා ගැණුනි.

ඉන් තිදෙනෙකු බංග්ලාදේශයේ සහ ඉරානයේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් වන අතර අනෙක් පුද්ගලයා පිලිපීන ජාතිකයෙකි.

සෙසු නව දෙනාම සෞදි අරාබියේ සිටි පැමිණි අයයි.

තවදුරටත් රෝහල්ගත ව ආසාදිතයින් 104 දෙනෙක් ප්‍රතිකාර ලබයි.

Comment here