උණුසුම් පුවත්දේශීය

හුදකලා ප්‍රදේශ සහ සංචරණ සීමා ඉවත් කළ ප්‍රදේශ

lockdown

ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්මාන 3ක් අද (21) අලුයම 5 සිට හුදකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ, පෑලියයොඩ පොලිස් වසමේ පෑලියගොඩ ගඟබඩ ග්‍රාම නිලධාරී වසමේ නෙල්ලිගහවත්ත සහ පුරනකොටුවත්ත යන ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති බවය.

ඊට අමතරව කිරිබත්ගොඩ පොලිස් වසමේ විලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ ශ්‍රී ජයන්ති මාවත ද හුදකලා ප්‍රදේශ ලෙස නම් කර තිබේ.

මේ අතර කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල හුදකලා කර තිබු ගම්මාන කිහිපයක් හුදකලා තතත්ත්වයෙන් ඉවත් කර තිබේ.

කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම, වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිල පාර ප්‍රදේශය අද අලුයම 5 සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කර ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 09ක් සහ ගම්මාන 09ක් තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතී.

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් වසමේ කෙරවළපිටිය ග්‍රාම නිලධාරී වසමේ නයිදූව ප්‍රදේශය, පෑලියගොඩ පොලිස් වසමේ ගඟබඩ ග්‍රාම නිලධාරී වසම සහ කිරිබත්ගොඩ පොලිස් වසමේ විලේගොඩ උතුර ග්‍රාම නිලධාරී වසම හුදකලා තත්ත්වයෙන් ඉවත් කර තිබේ.

ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම සේවා වසම් 10ක් තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය.

දිවයිනේ සෙසු දිස්ත්‍රික්කයන්වල මේ වන විට හුදකලා කර ඇති ප්‍රදේශ නැවත දැනුම් දෙනතුරු තවදුරටත් හුදකලා තත්ත්වයේම පවතින බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ත්‍රිකුණාමලය අධ්‍යාපන කොට්ඨාශයේ සියලු පාසල් අද දිනයේ සිට නැවත දැනුම්දෙන තුරු වසා තැබීමට තීරණය කර තිබේ.

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කළේ, ත්‍රිකුණාමලය නගරයේ කොවිඩ් නයින්ටීන් වාර්තා වීම ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවය.