උණුසුම් පුවත්දේශීය

හෙට සිට සමාජ දුරස්ථභාවය නොසලකා හරින පුද්ගලයින් අත්අඩංගුවට

සමාජ දුරස්ථභාවය

ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ සමාජ දුරස්ථභාවය නොසලකා හරිමින් කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට හෙට (26) සිට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

අත්‍යාවශ්‍ය කාරණාවකට හැර නිවසින් බැහැර නොයෑමට හැකිතාක් මහජනතාව කටයුතු කළ යුතු බවත් අන් සියලු දෙයට වඩා සමාජ දුරස්ථභාවයට මුල් තැන දී කටයුතු කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවත් ඒ මහතා පැවසීය.

එසේ නොකරන පුද්ගලයින්ට නිරෝධායන නීතින් යටතේ කටයුතු කරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත විශේෂ නියෝගයක් ලබා දී ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

Comment here