උණුසුම් පුවත්දේශීය

16 වෙනි කොවිඩ් මරණයක් වාර්තා වේ

ශ්‍රී ලංකාවේ සිදුවූ 16 වැනි කොවිඩ් -19 මරණය වාර්තා වී තිබේ.

එසේ මියගොස් ඇත්තේ 70 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බව වාර්තා වේ.

එම පුද්ගලයා රෝහල්ගත කර ඇත්තේ වෙනත් රෝගී තත්ත්වයක් හේතුවෙනි.

නමුත් පසුව ඔහු කොවිඩ් ආසාදිතයෙක් බව තහවුරු වී තිබේ.

සෞඛ්‍ය බලධාරීන් පැවසුවේ රුධිරියට විෂබීජයක් ඇතුළුවීමෙන් ඇති වූ සංකූලතා මත ඔහුව රෝහල් ගත කර ඇති බවය.

එම පුද්ගලයා කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.