උණුසුම් පුවත්දේශීය

17කට සුවයි – සුවය ලැබු සමස්ථය 3457ක්

corona recover

අද (20) සවස 2.30 වන විට මෙරට කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ථ ආසාදිතයින් ගණන 3,457ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ජාතික බෝවන රෝග විද්‍යායතනය, වැලිකන්ද, හම්බන්තොට සහ මුල්ලේරියාව යන රෝහලේවල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් මෙලෙස සුවය ලබා පිටව ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.

මේ වන විට සමස්ථ කොරෝනා ආසාදිතයින් ගණන 5,685ක් වන අතර, ඉන් 2,215ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.