උණුසුම් පුවත්දේශීය

175කට සුවයි – සුවය ලැබු සමස්තය 2296ක්

අද (28) උදෑසන 10 වන විට කොරෝනා ආසාදිතයින් 175 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතිි අතර ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2296ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මේ වන විට රෝගීන් 498 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

මේ අතර කොව්ඩ්-19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන් සංචරණ කටයුතු සීමා කළ රාජාංගනය ප්‍රදේශයේ ගම්මාන කිහිපයක සංචරණ සීමා ඉවත් කර තිබේ.

ඊයේ පස්වරුවේ සිට ක්‍රියාත්මක වන පරිදි එම ගම්මානවල සංචරණ සීමා ඉවත් කිරීමට පියවර ගත් බව රාජාංගනය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සන්ධ්‍යා අබේරත්න මහත්මිය පැවසීය.

ඒ අනුව සිරිමාපුර, යාය එක ගම්මානයේ කොටසක සහ යාය දෙක ගම්මානයේ කොටසක සංචරණ සීමා ඉවත් කර ඇති බව වාර්තා වේ.

Comment here